Thursday, April 18, 2024
Follow Us
මාදිවෙලින් හමුවූ කොවිඩ් ආසාදිතයෙකුට ඩෙල්ටා ප්‍රභේදය වැළදී ඇති බවට සැකයක්

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බැවින් අදාළ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

" මෙම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් අදාළ රෝගියාගේ ජෛව සාම්පල් පරීක්ෂණයේ යම් වෙනසක් තිබෙන බවට පර්යේෂණාගාරය මගින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් අප අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.

පසුගියදා දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අංශ විසින් මෙවැනිම ක්‍රියා මාර්ග ගනු ලැබුවා. ඒ වගේම අදාළ පුද්ගලයාගේ සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා" යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.

(Neth)