චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව සෑම මසකම මෙරට පුද්ගලයින් ලක්ෂ 05කට වැඩි පිරිසකට ඉදිරියේදී ලබා දිය හැකි බව ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නෙත් නිවුස් වෙත කියා සිටියේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියද අඩු වන බව විද්‍යාත්මකව පැහැදිලි කර ඇති බවයි.
පවතින සංචරණ සීමා තත්වය තුළ මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් සහ වාහන පරීක්ෂා කිරීමේදීත් නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබේ.
ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හේතුවෙන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ධීවර කටයුතු කළ ප්‍රජාවට අහිමි වී ඇති දෛනික ආදායම් වෙනුවෙන් යම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇත.
පුද්ගලයින් 900කට අධික පිරිසක් නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් එක් කරන රටවල් අතර සිටියේ 05 වන ස්ථානයේයි.
The vaccination rollout will commence in the Jaffna and Rathnapura districts as well in near future, Army Commander General Shavendra Silva said.
A number of people have been found to be infected in parts of Colombo, according to the latest PCR test results.
කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කර තිබේ.
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමෙන් වන්දි ලබාගැනීමේ කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේදී තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
පසුගිය දිනක කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසාදැමීමට ලක්කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම අද( 28) නැවතත් විවෘත කර තිබේ.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළෙඳ රථ නිසියාකාරව නොපැමිණෙන්නේ නම් අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක 1965 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.
සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදුකරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර තිබේ.
කොවිඩ්-19 වෛරස මර්දනය කිරීම සදහා වන එන්නත්කරණ වැඩසටහන රත්නපුර හා යාපනය දිස්ත්‍රික්ක වලද ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සංචරණ සීමා පනවා තිබියදී අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති නිදහස ඇතැම් පුද්ගලයන් විසින් අවභාවිතා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් ඇතැම් පුද්ගලයන් අනවශ්‍ය ගමන් බිමන් යන බව පසුගිය දින කිහිපය තුළදීම නිරීක්ෂණය වූ බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ.
No restrictions were made to operate courier services in the country which is categorised under the essential services, despite travel restrictions, Special COVID-19 Committee member MP Madhura Withanage said.
Page 411 of 737