Saturday, February 07, 2026
Follow Us
කොවිඩ් වසංගත පැතිරීම පිළිබඳ නවතම සිතියම !

මේ වනවිට යළිත් මෙරට තුළ කොවිඩ් අවදානම ඉහළ ගොස් තිබෙනවා. සති කිහිපයකට පෙර දෛනික ආසාදිතයන් ප්‍රමාණය දහසකට අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට දෛනික ආසාදිතයන් ප්‍රමාණය 2000 ඉක්මවා තිබෙනවා.

විශේෂයෙන් අධික ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලංකාව පුරා ව්‍යාප්තව තිබෙන බැවින් මෙවැනි ආසාදිතයන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වීම දැඩි අවදානමක් බවයි සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මේ අතර ජුලි මස 24 වැනිදායින් අවසන් වූ සති දෙකක කාලය තුළදී වාර්තා වූ ආසාදිතයන් සැළකිල්ලට ගනිමින් රටතුළ පවතින වසංගත තත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සිතියම්ගත කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 90% කට වැඩි ප්‍රමාණයක් තවමත් අධි අවදානම් කලාප ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

(LNW)