Saturday, February 07, 2026
Follow Us
සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට - ගුරුවරුන් කැඳවීම ගැන ගුරු සංගම්වලින් විරෝධයක්

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට කැදවීමේ චක්‍රලේඛයට අනුව පාසල් අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල, පළාත් දෙපාර්තමේන්තු, කොට්ඨාස සහ කළාප කාර්යාලවල නිලධාරින්ද කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම්වරයා දන්වා තිබෙනවා.

ඒ, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශභාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින්. කෙසේවෙතත් ගුරුවරුන් පවසන්නේ ගුරුවරුන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මෙහි නිවැරදි සඳහනක් සිදු කර නොමැති බවයි.

ගුරුවරු සහ විදුහල්පතිවරු රාජකාරී සඳහා කැඳවීම පිළිබඳ ගුරු සංගම්ද විරෝධය පළ කරනවා.

(Neth)