Friday, April 26, 2024
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය දිවයිනට

ජපානෙන් එන්නත් මාත්‍රා 728,460ක් රැගෙන එයි


ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා තොගය මීට සුළුවේලාවකට පෙර දිවයිනට රැගෙන විත් තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන මෙම එන්නත් මාත්‍රා 728,460ක තොගයක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ රැගෙන ආ බව වාර්තා වේ.

එම එන්නත් තොගය ඇස්ට්‍රොසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් භාවිත කිරීමට නියමිත අතර ඉතිරි එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට හෙට දිනයේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගත හැකි වේ.

මීට අමතරව අනිද්දා (02) දින බත්තරමුල්ල දියත උයනේදි සහ කොළඹ, විහාර මහා දේවී උද්‍යානයේදී ලබා ගත හැක.

ජපානය විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රොසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක තොගයක් ලබාදීමට නියමිතය.

ඒ අනුව ඉතිරි එන්නත් තොගය අගෝස්තු මස 07 වනදා මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

(Aruna)