After the re-opening of airports in the country for locals and foreigners, the first flight from Doha touched down at the Katunayake International Airport with 53 passengers, the airport duty manager said
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් අභියස තිබියදී ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 7 සිට හෙට පෙරවරු 7 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සමස්ථ ලංකා හෙද සංගමය සදහන් කළේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අත්හිටවූ අයි පී එල් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්දයෙන් සොයා බැලීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ඊයේ ළගා වුණා. එමෙන්ම ඉන්දියාවට සත්කාරකත්වය හිමි මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටද අවධානය යොමුවී තිබෙනවා.
ජුනි මාසයේ දෙවැනි සතිය වනවිට කොවිඩ් රෝගීන්ගේ සැබෑ අඩුවීමක් දැක ගත හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සදහා තෝරා ගෙන ඇත්තේ ලියාපදිංචි වූ ජංගම රථ වෙළෙදුන්. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළද රථ නිසියාකාරව පැමිණෙන්නේ නැති නම් ඒ පිලිබදව ජනතාවට දැනුම් දිය හැකි ක්ෂනික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා. 1965 අංකය අමතා ඒ පිළිබද දැනුම් දිය හැකියි.
මෙරට ව්‍යාප්තව ඇති කොරෝනා ප්‍රභේද සම්බන්ධයෙන් අද දිනයේ සිට යළිත් පරීක්‍ෂණ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා. අද සිට දින 10 කාලයක් එම පර්යේෂණ සිදු කරන බවයි ඔහු සදහන් කළේ.
Event organiser Chandimal Jayasinghe and model Piumi Hansamali have been arrested by the Fort Police on charges of violating quarantine regulations for organising a birthday party at a five star hotel in Colombo.
කොවිඩ් වෛරසයේ ඇතැම් රෝග ලක්ෂණ ඩෙංගු උණ රෝගයට සමානත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
සෞඛ්‍ය සේවයේ නිරත වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට රාජකාරි හැඳුනුම්පත පමණක් භාවිත කරමින් සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුළ රාජකාරියට වාර්තා කළ හැකි බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
කොරෝනා ප්‍රතිකාරවල නියුතු හෙද හෙදියන් මුහුණදී තිබෙන ගැටළු සඳහා නිසි විසඳුම් නොලැබීම නිසා හෙට (31) දිනයේ උදෑසන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර ඇත.
නැව ගිනිගැනීම හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වීම මෙරට ලුණු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුණු හිඟයක් කිසිවිටක ඇති නොවන බවටත් සහතකියක් ලබාදිය හැකි බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ කියයි.
A registrar of marriages who gave refuge to the main accused in the Easter Sunday attacks, Zahran Hashim, has been arrested.
කොරෝනා රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත‍්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි ගැටලූවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ්-19 ආසාදිත මරණ 43ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර මේ සමග කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනිමට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය සම්පතද අවදානමට ලක්ව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර පැවසුවේ එම මුහුදු පරිසර පද්ධතියට සිදුව ඇති හානිය හේතුවෙන් මුහුදු ජීවින්ටද ඉදිරියේදී යම් බලපෑම් එල්ල කරනු ඇති බවයි.
රට තුළ පවතින කොරෝනා අවදානම හේතුවෙන් බේකරි කර්මාන්තයේ නිරත සියයට 70 ක පමණ පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
Page 410 of 737