Saturday, February 07, 2026
Follow Us
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් අද දිවයිනට රැගෙනවිත් තිබෙනවා. කිලෝ ග්‍රෑම් 619 ක බරකින් යුතු ඇසුරුම් 18 ක මෙම එන්නත් තොගය අසුරා තිබූ බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහි තිබූ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් ලක්‍ෂ හාර දහසක්. කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් මෙම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය අද අලුයම මෙරටට රැගෙනවිත් තිබුණා.

මේ අතර අද දිනයේද කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී සහ දිවයිනේ තෝරාගත් ස්ථාන රැසකදී ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)