Saturday, February 07, 2026
Follow Us
ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු සිව්දෙනාත් අල්ලස් කොමිසමේ නඩුවෙන් නිදහස්

නිසි ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකිරීම තුළින් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා තිබුණු නඩුවෙන් ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

නඩුව ගොනුකිරීමේදී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් අනුව නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට අල්ලස් කොමිසම විසින් අධිකරණයට කළ දැනුම් දීමක් අනුව මෙසේ විත්තිකරුවන් චෝදනාවලින් නිදහස් කෙරිණි.

මෙසේ නිදහස් කරනු ලැබුවේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපති අනිල් කොස්වත්ත, එහි කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මි මිනෝන් එදිරිවීර පෙරේරා, එහි මුදල් අංශයේ අධ්‍යක්ෂක සන්ධ්‍යා රෝහිණී මල්කාන්ති පෙරේරා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ අරංගල්ලගේ උපාලි ධර්මසිරි පෙරේරා යන අයයි.

(LNW)