පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධීවර යාත්‍රාවලට ධීවර කටයුතුවලින් ඉවත් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.
ගර්භණී මවුවරුන් 200ක පමණ සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් වයිරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බැවින් මෙම තත්ත්වය ඉදිරියේදී තවත් වර්ධනය විය හැකි බැවින් ජංගම දුරකථන හා මාධ්‍ය මගින් කෙටි පණිවිඩයන් ලබා දෙමින් රෝගයෙන් වැළකී සිටීම සඳහා ඔවුන් නිරන්තරයෙන්ම දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇත.
ඉල්ලීම් 15ක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 20ක් හෙට(03 වැනිදා) පැය හතරක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සූදානම් වෙයි.
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් කොට්ඨාස මට්ටමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
Special police teams have been deployed to raid parties and public gatherings organised in violation of quarantine rules and regulations throughout the country.
Newly appointed Attorney General Sanjay Rajaratnam PC has abolished the post of Co-ordinating Officer to the Attorney General with immediate effect, a circular stated.
Seven more people have been arrested for attending the birthday party organized at the Shangri-La Hotel in Colombo on Sunday night violating quarantine regulations, Police said.
Event organiser Chandimal Jayasinghe and his driver have arrived at the Keselwatte police to give statements over a traffic offence.
සබරගමුව පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන දඟ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් තෝරා ගැනීමට නියමිත බව සඳහන් වේ.
සංචරණ සීමා පැනවීම තුළින් ලැබී ඇති ප්‍රතිඵල දැක ගැනීම සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ ජනතාව සංචරණ සීමාවලට අනුව කටයුතු කළහොත් ඉදිරි කාල සීමාව තුළ කොවිඩ් ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙනු ඇති බවයි.
බේකරි නිෂ්පාදකයින්ගෙන් සියයට තිහක් පමණ වන සුළු පිරිසකට තම නිෂ්පාදන ජංගම රථ මගින් අලෙවි කිරීමට අවස්ථාවක් ලැබුණද බහුතරයකට තම ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට නොහැකිව අසරණව සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම මේ වන විට ආරම්භ කර තිබේ.
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී 1,500 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ දිනයේදී කොවිඩ් මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.
මොනයම් හෝ රෝගයක නම සඳහන් කරමින් එම රෝගය යම් ආයුර්වේද ඖෂධයක් මගින් සුවකළ හැකිය යන්න මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවත් එවැනි ප්‍රචාරණයන්ගේ නියැළෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස්වරිය (ශිල්පීය) සඳහන් කළාය.
ලබන 2022 පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කර තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.
රොටි සෑදීම සඳහා නිෂ්පාදනය කරනු ලබන පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (01 වැනිදා) සිට රුපියල් හතරකින් ඉහළ නංවා ඇති බව ප්‍රීමා තිරිඟු පිටි සමාගමේ ඒජන්තවරු කියා සිටිති.
The Media Bureau of Sri Dalada Maligawa has announced that the first COVID-19 quarantine center specifically for the Maha Sangha has been established in Kandy.
Page 409 of 737