Saturday, February 07, 2026
Follow Us
ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නායකයන් නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මේ මස 12 වැනිදා සිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නායකයන් වශයෙන් දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියංජන්ව නම්කර තිබෙන බවට වාර්තා වේ.


ඒ අනුව දසුන් නිල් කණ්ඩායමේත්, ධනංජය ද සිල්වා රතු කණ්ඩායමේත්, දිනේෂ් චන්දිමාල් කොළ කණ්ඩායමේත් සහ අශාන් ප්‍රියන්ජන් අළු කණ්ඩායමේත් නායකයන් ලෙස නම්කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියට ජාතික සහ පළමු පෙළ නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 24 වැනිදා පැවැත්වේ.

(Aruna)