Saturday, February 07, 2026
Follow Us
ගුරු පොකුරු කතා බොරු වෙයි. අත්අඩංගුවට ගෙන ඇන්ටිජන් ටෙස්ට් කළ ගුරුවරුන් ඇතුළු 44 දෙනාම නෙගටිව්

ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඒ අනුව මේ දිනවල කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යමින් පවතින්නේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ නිසා බවට සාවද්‍ය මතයක් ගොඩනැඟීමට ආණ්ඩු හිතවාදීන් ගන්නා උත්සාහය අසාර්ථක වී ඇති බව පෙනේ.

(LNW)