Saturday, February 07, 2026
Follow Us
රත්නපුර ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

රත්නපුර නව නගරයේ පිහිටි ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

නේවාසිකව රෝගීන් 80කට පමණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව මෙම රෝහල තුළ පවතී.

දැනට රත්නපුර ශික්ෂණ රෝහල කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරී පැවතීම හේතුවෙන් ආයුර්වේද රෝහල මෙලෙස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පත් කළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

(Aruna)