හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish නැවුම් මාළු පැකට් හඳුන්වා දීමට නියමිත බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා පැවසුවේය.
ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පෙරවරුවේ සහභාගී විය.
හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish නැවුම් මාළු පැකට් හඳුන්වා දීමට නියමිත බව ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා පැවසුවේය.
පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල යුතු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට ඊයේ වන (31) විට අවම වශයෙන් පුද්ගලයින් 1,700 දෙනෙකු පමණ මියගොස් ඇති අතර කවත් සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී.
උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් 1200 ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.
මෙරට මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.
අස්වැසුම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් සහ සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944කට රුපියල් බිලියන 2.9ක් අද (11) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, "අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට " තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.
රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර ඇත.
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අප්‍රේල් මස 09වැනි දින සිට 21 වැනි දින දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුඩුවේගොඩ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
නඩු තුනක් සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙයි.
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල - කිරිබත්ගොඩ ශාඛාව පසුගියදා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.
පසුගියදා මියන්මාර රාජ්‍යයේ ඇති වූ භූමිකම්පාවෙන් ආපදාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් වෛද්‍ය සහ විශේෂ සහන සේවා කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 05) දින මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.
අද (27) සිට දින 3ක්, දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
Page 29 of 726