ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් ළමයින් ප්‍රවාහන රථ ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් ගාස්තු ඉහළ නංවා තිබේ.
අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවැති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ නමුත් මෙවර ඉන්ධන මිල රුපියල් 22කින් ඉහළ දැමීම හේතුවෙන් මේ තීරණය ගනු ලැබූ බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් ධර්මවර්ධන මහතා කොළඹ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
මේ තීරණය ගනු ලැබුවේ අනෙකුත් සංගම් සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ද ඔහු පෙන්වා දුන්නේය.
“ ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය ඊයේ සිට ක්‍රියාත්මකයි. නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්. ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5%කින් ගාස්තු වැඩි කිරීමට. ඒ අනුව පාසල් දරුවකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් ගාස්තුව වැඩි වෙනවා. රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ යෑම ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපිට දැඩි ලෙස දැනෙනවා. අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණය ගන්න සිද්ධ වුණා. අනෙකුත් සංගම් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි අපි මේ තීරණය ගත්තේ’ යැයිද සඳහන් කළේය.