Monday, March 09, 2026
Follow Us
ජාතික මුඛ සෞඛ්‍ය සමී­ක්ෂ­ණය හෙට සිට

මෙරට 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමී­ක්ෂ­ණය 2026 හෙට (10) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය දැනුම් දී තිබේ.

රට පුරා සෑම දිස්ත්‍රි­ක්ක­යක්ම ආව­ර­ණය වන පරිදි පාසල් සිසුන්ගේ හා වැඩි­හිටි වයස් කාණ්ඩ­වල අහඹු ලෙස තෝරා ගත් 10,000ක නියැ­දි­යක දත්ත එකතු කිරීම මෙම­ඟින් සිදු කරන අතර නොවැ­ම්බර් මස දක්වා මෙම සමී­ක්ෂ­ණය සිදු කරයි.

විවිධ රට­වල මුඛ සෞඛ්‍ය තත්ත්ව­යන් පිළි­බඳ අව­බෝ­ධ­යක් ලබා ගැනීම සඳහා වසර 10කට වර­ක්වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමී­ක්ෂ­ණ­යක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය (World Health Organization) නිර්දේශ කර ඇත.