කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්ස් රේ පිටපත් නිකුත් කිරීම මේවනවිට නතර වී ඇති බව වාර්තා වනවා. ඒ, එක්ස් රේ පිටපත් නිකුත් කිරීමට අවශ්‍ය එක්ස් රේ ෆිල්ම් හෙවත් විකිරණ සේයා පටල නොමැතිවීම හේතුවෙන්.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
අධික ගාස්තු හා ඉහළ බදු අය කිරීම හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 05 කට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව ලංකා එක්සත් ව්‍යාපාරික සංසඳය පවසනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක පැවැසීය. මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං ප්‍රවාහයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු කීවේය. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය (US AQI) 166 ක් දක්වා ඊයේ (13 වැනිදා) පෙරවරුවේදී ඉහළ ගොස් තිබුණි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මස් මාංශ පරීක්ෂා කිරීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ලබන 18 වනදා දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.
වතුකරයේ පාසල් වලට සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම සිසුන් 06 දෙනා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුවයි.
උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
ඕස්ට්‍රේලියාවේ දී පැවති ICC T20 ලෝක ශූරතාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදු වූ අක්‍රමිකමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනිගේ ප්‍රධානත්වයෙන් පත් කළ සය දෙනෙකුගෙන් යුත් කමිටුව ඉදිරියේ (13) උදෑසන 10ට පෙනී සිටින ලෙස ආන්දෝලනයට තුඩු දී ඇති පාස්ටර්වරයකු වන ජෙරම් ප්‍රනාන්දු ව කැදවා ඇතැයි වාර්තා වේ.
මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
◾වායු දූෂණය නිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන බලපෑම් ඇතිවන්න පුලුවන්ද?
◾එහි සෞඛ්‍යමය බලපෑම කෙබඳු ද?
කොල්ලුපිටියදි රිය අනතුරක් සිදුකර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Page 176 of 768