Saturday, February 21, 2026
Follow Us
අයිස්  මිලිග්‍රෑම් 1500ක් සමග තරුණයින් 30ක් අත්අඩංගුවට

බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි.

 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ, වත්තල, නාරාහේන්පිට, මට්ටක්කුලිය, කොටහේන, මාළිගාවත්ත සහ වලස්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

 

Aruna