Saturday, February 21, 2026
Follow Us
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ සීඝ්‍ර වර්ධනයක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් ආරක්ෂාකාරී විය යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පවසති.

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය රෝහිණී වඩනම්බි ප්‍රකාශ කළේ ඉන් වැඩිම බලපෑමක් පවතින්නේ කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට බවයි.

 

මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියත් සමග පුද්ගලයින් තුළ දැඩි උගුරේ වේදනාවක් හා උණ රෝගී තත්ත්වයක් නීරීක්ෂණය කළ හැකි බවත් මෙනිසා සෑම විටම මුව ආවරණ පැළැදීම හා දෑත් පිරිසිදුව තබා ගැනීම වැදගත් බව ද ඇය අවධාරණය කළාය.

 

Aruna