Saturday, February 21, 2026
Follow Us
හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල ප්‍රදේශයේදී 48 හැවිරිදි තිදරු පියෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කොට ඇත්තේ හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරකයෙකි.

 

රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

 

යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පළමුව දුම්වැටියක් ඉල්ලා ඇත.

 

ඉන්පසු යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට පැමිණ කැෂියර් එකේ සිටි හෝටලයේ හිමිකරුගේ පපුවට වෙඩි පහර 04ක් පමණ තබා පළාගොස් තිබේ‍ෙ

 

වෙඩිවැදීමෙන් තුවාල ලැබු හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

 

එසේ මියගොස් ඇත්තේ, මොහොමඩ් ෆරුෂාන් යන පුද්ගලයෙකි.

 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර හංවැල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

Aruna