Sunday, July 05, 2026
Follow Us
Social and Equity

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Social and Equity

වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් ඇත.

Social and Equity

අධික ගාස්තු හා ඉහළ බදු අය කිරීම හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 05 කට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව ලංකා එක්සත් ව්‍යාපාරික සංසඳය පවසනවා.

Social and Equity

දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

Social and Equity

මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක පැවැසීය. මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං ප්‍රවාහයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු කීවේය. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය (US AQI) 166 ක් දක්වා ඊයේ (13 වැනිදා) පෙරවරුවේදී ඉහළ ගොස් තිබුණි.

Social and Equity

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මස් මාංශ පරීක්ෂා කිරීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

Social and Equity

ලබන 18 වනදා දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

Social and Equity

වතුකරයේ පාසල් වලට සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

Social and Equity

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම සිසුන් 06 දෙනා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුවයි.

Social and Equity

මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

Social and Equity

උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

Social and Equity

ඕස්ට්‍රේලියාවේ දී පැවති ICC T20 ලෝක ශූරතාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදු වූ අක්‍රමිකමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනිගේ ප්‍රධානත්වයෙන් පත් කළ සය දෙනෙකුගෙන් යුත් කමිටුව ඉදිරියේ (13) උදෑසන 10ට පෙනී සිටින ලෙස ආන්දෝලනයට තුඩු දී ඇති පාස්ටර්වරයකු වන ජෙරම් ප්‍රනාන්දු ව කැදවා ඇතැයි වාර්තා වේ.

Social and Equity

මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Social and Equity

◾වායු දූෂණය නිසා සෞඛ්‍යයට දීර්ඝකාලීන බලපෑම් ඇතිවන්න පුලුවන්ද?

◾එහි සෞඛ්‍යමය බලපෑම කෙබඳු ද?

Social and Equity

කොල්ලුපිටියදි රිය අනතුරක් සිදුකර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

කුරුණෑගල ශික්ෂණ රෝහලේ එක්ස් රේ පිටපත් නිකුත් කිරීම මේවනවිට නතර වී ඇති බව වාර්තා වනවා. ඒ, එක්ස් රේ පිටපත් නිකුත් කිරීමට අවශ්‍ය එක්ස් රේ ෆිල්ම් හෙවත් විකිරණ සේයා පටල නොමැතිවීම හේතුවෙන්.

Social and Equity

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

Social and Equity

මූල්‍ය ආයතන මගින් විනාශ කිරීමට නියමිතව ඇති මෝටර් වාහන අඩු මුදලට ලබාගෙන ඒවායේ ලියාපදිංචි සහතික උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සැකසූ වාහන විකිණීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක තිදෙනෙක් රුපියල් කෝටියකට අධික වටිනා වාහන සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.