බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුළ බිත්තර හිගයක් ඇති කිරීමත් සමග වෙළදුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවයි.
මේ හේතුවෙන් ඉහළ මිල ගණන් වලට බිත්තර ගෙන කේක් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
Aruna
වෛද්‍යවරු වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම වළක්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හරහා රෝහල් පද්ධතිය මුහුණ දී සිටි විශාල අර්බුදයක් යාම සමනය වීමක් සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එළඹෙන 17 වැනිදා සිට දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්වූ, ජනප්‍රිය හඬකැවුම් ශිල්පී ඩිලාන් සේනානායක මහතා ඊයේ (15) දිනයේදී සැත්කමකට භාජනය කර ඇති බව වාර්තා වේ.
කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක් රුපියල් දෙසිය විසිපහකින් අඩු කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.
සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග මෙතෙක් පහත වැටී තිබූ වී මිල ඊයේ සිට (14) යළි ඉහළ දැමීමට මෝල් හිමියන් කටයුතු කර ඇත.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි විවෘත කෙරෙනවා. බොරතෙල් හිඟය හේතුවෙන් එම පිරිපහදුව ඔක්තොම්බර් මස 07 වන දා සිට වසා දැමුණා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග මෙතෙක් පහත වැටී තිබූ වී මිල ඊයේ සිට (14) යළි ඉහළ දැමීමට මෝල් හිමියන් කටයුතු කර ඇත.
බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිර වන සේ තබා සිටි ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශ්ව විද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කොරෝනා සමයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සහ සිසුන් ජංගම දුරකථන භාවිතය ඉහළයාම බව විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් පවසනවා.
දේශීය වෙළෙඳපොළේ පොල් මිල සියයට නවයයි දශම දෙකකින් (9.2%) පමණ ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, නිවැරදි ජාතික පුෂ්පය තීරණය කර ගැනීම සඳහායි.
තම හෘද සාක්ෂියට අනූව ජීවත් වීමේ වැදගත්කම ක්‍රිස්තුස් වහන්සේ අපට පෙන්වාදුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළහ.
විශේෂඥ වෛද්‍යවරු පනස්හත්දෙනකු වසර පහක කාලයක් වැටුප් රහිත නිවාඩු මත රැකියා සඳහා එංගලන්තය යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇත.
අමාත්‍ය මණ්ඩල විසින් ගනු ලැබූ තීරණයකට අනුව රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය "විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන්" සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වැනිදා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (14වැනිදා) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.
Page 163 of 756