Sunday, February 22, 2026
Follow Us
බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් මස පුර පසළොස්වක පුන් පොහොය අදට යෙදී ඇති අතර මෙදින ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනය සිදුවීම.

නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර අතර මිණි පළඟක් අරඹයා වූ ගැටුම සමථයකට පත්කිරීම.

සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම වැනි සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබෙන්නේ මෙවන් පොහෝ දිනකයි.

ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බැතිමතුන්ට ද සුවිශේෂී පුන් පොහෝ දිනයක් වේ.