Saturday, July 04, 2026
Follow Us
බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිට් රයිස් මිල අද සිට පහළට

බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) සිට 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.මෙම මිල අඩු වීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් මෙලෙස ආහාරවල මිල අඩු කිරීමට තීරණය කර තිබෙන අතර කිරි තේ සහ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් පහළ දමන බව ඔහු පවසයි.

ඒ අනුව, කිරි තේ කෝපපයක් නව මිල රුපියල් 90ක් වන අතර ප්ලේන් ටී එකක නව මිල රුපියල් 30ක් දක්වා පහළ යනු ඇත.