වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
තඹුත්තේගම පොලිස් වසමේ කුඩාබිබිලිවැව ප්‍රදේශයේදී තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නිවසක් තුළ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමඟ පසුගියදා (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ නාගරික පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක ඉදිකිරීම් කටයුතු ඉදිරි දෙවසර තුළ සම්පූර්ණයෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණ.
රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි වාට්ටු සංකීර්ණය ළුලදායී ලෙස අක්ෂි ප්‍රතිකාර සේවා සඳහා යොදා ගැනීම සම්බන්ධව වු විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි වාට්ටු සංකීර්යේ දී පැවැත්විණි.
රටේ පවතින දැවැන්ත ගුරු හිඟය පියවීම සඳහා මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව, පාසල්වල පවතින නිශ්චිත විෂය පුරප්පාඩු ඉලක්ක කරගනිමින් (විෂයානුබද්ධව) ගුරුවරුන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙලක් වත්මන් රජය විසින් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේ ය.
කම්බෝජයේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුමක, ශිතාගාර පරිවාරක තාප පැනල ඇතුළත සූක්ෂම ලෙස සඟවන ලද නීති විරෝධී දුම්වැටී තොගයක් ඔරුගොඩවත්ත බහලුන් අංගනයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
Page 11 of 768