මේ වනවිට රත්නපුර දිස්ත්රික්කයට විශේෂයෙන් ජල පෝෂක ප්රදේශවලට ඊයේ (02) රාත්රියේ හා අද (03) උදෑසන සිටම ඇද හැලෙන අධික වර්ෂාව නිසා රත්නපුරට ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව වාර්තා වෙයි.
මේ වනවිටත් පහත් බිම්වල පවතින ඇතැම් මාර්ග ගං වතුරෙන් යට වී ඇති බවට වාර්තා වේ.
විශේෂයෙන් කළු ගඟේ සහ එහි අතු ගංගාවල ජල පෝෂක ප්රදේශවලට මේ වනවටත් අඛණ්ඩව වැසි ලැබෙමින් පවතන අතර අහස වලාකුලින් බරව පවතී.
එබැවින් කළු ගඟ හා එහි අතු ගංගා අවට මෙන්ම පහත් බිම්වල පදිංචි මහජනතාව මේ පිළිබඳ දැඩි අවධානයකින් සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.