Friday, July 31, 2026
Follow Us
හෙල්මට් වෙළෙඳුන්ට විශේෂ දැනුම්දීමක්
ඔබේ වෙළෙඳසැලේ ඇති හෙල්මට් තොගය අදම පරීක්ෂා කරන්න.
SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් වෙළෙඳසැලේ තබාගැනීම, ප්රදර්ශනය කිරීම, බෙදාහැරීම හෝ අලෙවි කිරීම නීතියට පටහැනි වේ.
2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ අංක 59 දරන විධානය අනුව, SLS 517 ප්රමිතියට අදාළ SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති දේශීය හෝ ආනයනික යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් ශ්රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කළ නොහැකි බව පාරිභෝගික අධිකාරය අවධාරණය කරයි.
✅ ඔබ අදම කළ යුතු දේ
✔️ වෙළෙඳසැලේ ඇති සෑම හෙල්මට් එකකම SLS ප්රමිති සහතික ලාංඡනය තිබේදැයි පරීක්ෂා කරන්න.
✔️ සැපයුම්කරුගේ බිල්පත් සහ ආනයනකරුගේ විස්තර පරීක්ෂා කරන්න.
✔️ SLS ලාංඡනය නොමැති තොග අලෙවියෙන් වහාම ඉවත් කරන්න.
✔️ සැකසහිත හෝ පහසුවෙන් ගැලවෙන SLS ස්ටිකර් සහිත හෙල්මට් අලෙවි නොකරන්න.
✔️ සෑම අලෙවියකටම පාරිභෝගිකයාට නිසි බිල්පතක් ලබාදෙන්න.
❌ මේවා නිදහසට කරුණු නොවේ
✖️ “මේක Original Imported.”
✖️ “DOT / ECE / ISI තියෙනවා.”
✖️ “මේක Racing Helmet එකක්.”
✖️ “සැපයුම්කරු කිව්වා අලෙවි කරන්න පුළුවන් කියලා.”
✖️ “අපි නිෂ්පාදකයා නොවෙයි.
වෙළෙඳ නාමය ජනප්රිය වුවත්, විදේශීය ප්රමිතියක් තිබුණත්, ශ්රී ලංකාවේ අලෙවිය සඳහා SLS ප්රමිති සහතික ලාංඡනය අනිවාර්ය වේ.
SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති හෙල්මට් හඳුනාගත් අවස්ථාවලදී, අදාළ තොග සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ඇත.
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ.
අදම ඔබේ තොගය පරීක්ෂා කරන්න.
නීතියට අනුකූල හෙල්මට් පමණක් අලෙවි කරන්න. 
 
-පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය