2026 ජූලි මාසයට අදාළව, වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් හෙට (2026 ජූලි 31) සිට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ අදාල මුදල් අදියර දෙකක් යටතේ බැර කරනු ලබයි.
පළමු අදියර යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000.00 ක (රුපියල් තුන් බිලියන එකසිය අට මිලියන එකසිය අනු දහසක) මුදලක් වෙන් කර ඇත.
දෙවන අදියරෙ යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 77,324 දෙනෙකු සඳහා රුපියල් 386,620,000.00 ක (රුපියල් මිලියන තුන්සිය අසූ හයයි හයලක්ෂ විසි දහසක) මුදලක් වෙන් කර තිබේ.
ඒ අනුව, අදාළ සියලුම ප්‍රතිලාභීන්ට 2026 ජූලි 31 වන දින සිට තමන්ගේ අස්වැසුම බැංකු ගිණුම් හරහා මෙම ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ පහසුකම සැලසේ.