The Pathfinder foundation, an independent think tank has developed a national security strategy (NSS) with a view to enable Sri Lanka to meet present and future challenges.
මේ වනවිට රණවිරුගාය වැලඳුන විශාල පිරිසක් මව්බිමට පැමිනෙමින් පවතින අතර සති අන්තය වනවිට තවත් විශාල පිරිසක් පැමිණීමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන්සේවය, එමිරේට්ස්, ෆලයි ඩුබායි, එයා ඇරබියා, ඕමාන් එයා ආදී ගුවන් සේවා මගින් ඔවුන් එක්සත් අරාබි එමීරයෙන් පැමිනෙමින් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන පහක් අවසන් කර ඇති අතර රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය අවසන් වී නිහඬ කාලය ආරම්භවීමත් සමග රට පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ආරම්භ කෙරෙන බව පොලිසිය පවසනවා.
රෝයල් පාර්ක් නඩුවේ චූදිතයාට ජනාධිපති සමාව ලබාදුන් ආකාරයට තමන්ටද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින්, මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් දෙදෙනෙකු ආරම්භ කළ විරෝධතාව අද (13) 03 වන දිනටත් කි‍්‍රයාත්මක වනවා.
අමාත්‍ය රාජිත සේනාරත්නගේ මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වූ සුදු වෑන් රථ රියදුරෙකු සහ සුදුවෑන් රථයකින් පැහැර ගත් බව කියන පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද (14) අළුයම අවසන් කරනු ලැබුවා.
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
දිවයිනේ සියලු පාසල් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
A five-judge Bench of the Supreme Court today fixed for support on January 31 for granting of Leave to Proceed with the three Fundamental Right petitions challenging the signing of agreements on MCC (Millennium Challenge Corporation Compact), SOFA (Status of Forces Agreement) and ACSA (Acquisition and Cross Servicing Agreement).
In the wake of people disputing the renunciation of citizenship by SLPP presidential candidate Gotabaya Rajapaksa, the US embassy said it would take several months for an individual’s name to appear in the Federal Register after he or she had renounced citizenship.
The report released by the Centre for Monitoring Election Violence (CMEV) yesterday estimates that a total of Rs. 3,108 million has been spent by five candidates for their presidential election campaigning between October 14 to November 10.
1994 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එල්ටීටීඊ සංවිධානය සහ තමා අතර ලිපි 42 කට ආසන්න ප්‍රමාණයක් හුවමාරු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. එම ලිපි තවමත් තමා සතුව තිබෙන බවත් ඒවා ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කිරීමට සූදානම් බවත් ඇය පෙන්වා දෙනවා.
Transparency International Sri Lanka (TISL) has drawn the attention of the Elections Commission to the use of helicopters owned by the Sri Lanka Air Force (SLAF), for the transport of politicians to and from campaign rallies.
At least 80 percent of 15.5 million registered voters countrywide will go to the polls to cast their votes to elect the next President of Sri Lanka from two front running candidates Sajith Premadasa and Gotabaya Rajapaksa on Saturday 16.
1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි අංශ තහවුරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
භික්ෂුණීන් වහන්සේලාට 2019 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ හැකිවන පරිදි හඳුනාගැනීමේ පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් සකස් කර දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර ඇත.
Page 676 of 738