Friday, March 27, 2026
Follow Us
පොලිස් නිලධාරින් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් අධිකාරීවරයකු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 10 දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු , ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු සහ පොලිස් පරික්ෂකවරයකුට පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එලෙස ස්ථාන මාරු වීම් ලබාදී ඇති බවපොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ස්ථාන මාරුවීම් යටතේ සහකාර පොලිස් අධිකාරී ජේ. එම්. එස් .බී. ජයසිංහ මහතා, කුරුණෑගල කොට්ඨාසයේ සිට නුවරඑළිය කොට්ඨාසයට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානයට සඳහන් කරයි.

(Aruna)