සමාජ මාධ්‍ය එනම් Youtube හා Facebook උපයෝගී කරගෙන වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා එරට සේවය කළ පුද්ගලයකු විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙන්නේ.
ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගනිමින් තමන් රැකියා සඳහා පැමිණියේ අදාළ පුද්ගලයන්ගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබාගනිමින් එම වීඩියේ ප්‍රකාශන වංචනිකව සකසා ඒවා Youtube හා Facebook හරහා ප්‍රසිද්ධ කරමින් ඔහු මෙම වංචාව සිදුකර තිබේ. අදාළ සමාජ මාධ්‍යවල මෙලෙස තොරතුරු පළකිරීමේන් අනතුරුව ඊට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් වංචාකරමින් සිදුකරන මෙම ජාවාරම සම්බන්ධව, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන අතර මෙම ජාවාරමට හසුවූවන් විසින් කාර්යාංශයට පැමිණිලි ද ඉදිරිපත් කර තිබේ.
මෙලෙස ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.
විගමනික ප්‍රජාව මුළාකරමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මෙවන් ප්‍රචාරණවලට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවන් ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු කාර්යාංශයට දන්වන ලෙස ඉල්ලා සිටී.
දුරකථන අංක 1989 හෝ විශේෂ විමර්ශන අංශයේ 0112864123 අංකයට මෙම තොරතුරු ලබාදිය හැක.