Tuesday, May 21, 2024
Follow Us
කුරානයේ පිටපත් විහාරස්ථානවලට බෙදා දීම ගැන අබ්දුල් රාසික් කතා කරයි

ඉල්ලීමක් සිදු කළ හොත් පමණක් අල් කුරානයේ සිංහල පරිවර්ථනයක් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ට ලබා දීමට කටයුතු කරන බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා.

විහාරස්ථාන 10,000 කට අල් කුරානයේ පිටපත් රහසිගතව බෙදා හැරීමේ සැලසුමක් පිළිබඳ රිසාම් අරූස් නමැති පුද්ගලයෙකු ඉකුත් දා හෙළිදරව්වක් සිදු කර තිබුණා.

ඉන් හෙළිදරව් වූයේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සමග සිටින මධ්‍යස්ථ පුද්ගලයින් විසින් මේවා බෙදා හැරීමට සූදානම් වෙමින් සිටින බවයි.

එම ප‍්‍රකාශයට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේ පන්සල් හෝ ආගමික ස්ථානවලට නොමිලේ මේවා බෙදාදීමේ ව්‍යාපෘතියක් නොමැති බවත් ඉල්ලීමක් කරන ඕනෑම කෙනෙකුට එය පිරිනමන්නට කටයුතු කරන බවයි. ආගම් අතර වැටහීමක් ඇති කිරීම තුළින් සහජීවනය ගොඩනැගිය හැකි බවද සඳහන් කළා.

අල් කුරානයේ සිංහල පිටපත් ඉල්ලා ඇති භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථාන සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

(Neth)