Friday, March 27, 2026
Follow Us
පළමු රන්දෝළි පෙරහැර අද

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර එළඹෙන 14 වනදා රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. පසුදා අළුයම ඓතිහාසික ගැටඹේ තොටුපොළේ දී දිය කැපීමේ චාරිත‍්‍රයෙන් අනතුරුව 2019 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.

(Neth)