හෙද වෘත්තිය පිළිබදව මගේ ජිවිත කාලය තුළ කිසිම කෙනක් අල්ලස් දුෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි පිළිබදව තමන් අසා නැති බවත් ශ්‍රී ලංකාවේ මොන වෘත්තීය පිළිබදව කවුරුන් කෙසේ සදහන් කළත් තිබෙන සියලු වෘත්තීත් අතරින් හෙද වෘත්තීය අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත් ඒ විශිෂ්ටත්වය ආරක්ෂා කර ගැනීම වගකිමක් වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
පසුගිය 2023 වසරේ අය වැය යෝජනා තුළින් ජාතික ආර්ථිකය ඉහළට ඔසවා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාවට අපා දුක පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හඳුන්වා දෙන මෙවර අයවැයෙන් විපක්ෂ නායක කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් මිලියන 286ක් දක්වා වැඩි කර ඇතැයි එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මඟින් රට නැවත රටේ ආර්ථිකය සුරක්ෂිත වූ විට ජනතාව රවටන දේශපාලනය කිරීමට විපක්ෂයට ඉඩක් නොලැබෙන නිසා විපක්ෂය නොයෙක් කතා කියමින් ජනතාව මුළා කිරීමට උත්සාහ දරන බව එජාපයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී කාරියවසම් මහතා මෙසේ ද කීය.
මේ රටේ විපක්ෂය සහ දේශපාලන ලෙස බංකොලොත් වූ පුද්ගලයන් මේ රට ගොඩගැනීමට උදව් නොකර තම පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් සමාජයේ පතුරන වැරදි ප්‍රචාර ඉවත් කරන්න අප කල්පනා කළා. පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් මේ අය වැය ගැන චෝදනා මුඛයෙන් කතා කරනවා අප දැක්කා. විශාල අමාරු කාලෙකට මුහුණ දී තිබෙන යුගයක අප ජීවත් වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සහ විවිධ පුරෝකතන දී තිබියදී ජනාධිපතිවරයා හැම දෙයක්ම සලකා බලා සාධාරණ විදිහට ජනතා හිතවාදීව මේ අය වැය ඉදිරිපත් කළා.
මේ රටේ මිලියන 22ක ජනතාවක් ජීවත් වෙනවා. ජීවන වියදම ඉහළයෑම වැනි කරුණුත් එක්ක මේ රටේ සියලුම දෙනාට ඉතා අමාරු තත්ත්වයක් උදා වෙලා තිබෙන බව පිළිගත යුතුයි. එදා ලබා දුන්නු සමෘද්ධිය වෙනුවට අස්වැසුම යෝජනා ක්‍රමයෙන් පවුල් ලක්ෂ 18කට, මේ වසරේ සිට අස්වැසුම ලබාදීම සිදු වෙනවා. එදා සමෘද්ධියට වෙන් කළේ බිලියන 60යි. බිලියන 183ක් අස්වැසුම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ වගේම සමෘද්ධියට දුන්න රුපියල් 2500 වගේ නෙමෙයි.’ අපි රුපියල් පහළොස් දාහක් දෙනවා. ඉතාම අඩු ආදායම් ලබන අයට රුපියල් 15000ක්, ඊළඟ අයට රුපියල් 10000ක් සහ ඊළඟ කණ්ඩායමට රුපියල් 5000ක් ලෙස දෙනවා. නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කරන්නත් අවස්ථාව හිමියි. ඒ ප්‍රතිඵල මත ඔවුන්ටත් ලැබීමට නියමිතයි. රාජ්‍ය සේවකයන් ලක්ෂ 13ක් ඉන්නවා. ඔවුන්ට රුපියල් දහදාහක් වැටුප් දීමනා වැඩි කර තිබෙනවා. 2015 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස රුපියල් 10,000කින් මාසික දීමනා වැඩි කළා. මෙවරත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000කින් ජීවන වියදම් දීමනාව වැඩි කර තිබෙනවා. ලක්ෂ 18කට අස්වැසුම ලැබෙනවා. රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට රුපියල් 10,000කින් වැටුප් වැඩි වෙනවා. ඒ වගේම දුබලතා අයට සහ වැඩිහිටි දීමනා වැඩි වී තිබෙනවා.ඒ වගේම රටේ ගොවිතැන් කරන්න පොහොර නොමිලේ ලබාදීම සිදු වෙනවා.
රජයේ නිවාස කුලී ගෙවල්වල ඉන්න ලක්ෂ ගණනකගේ කුලිය නැති කර ඔවුන්ට සින්නක්කර අයිතිය ලබා දීමට යෝජනා වී තිබෙනවා. ඉඩම් අයිතිය ලබා දෙන්නත් මේ අයවැය මඟින් කටයුතු කර තිබෙනවා.
මා අධ්‍යාපන ඇමැති කාලේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ, සුරක්ෂා රක්ෂණය නැවත ලබාදීමට තීරණය කර තිබීම වැදගත් කාරණයක්.දරුවන්ගේ සෞඛ්‍ය වියදම ආණ්ඩුව භාර ගැනීමත්, පාසල් හා පෞද්ගලික යන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාසල් ලක්ෂ 45ක සියලු දෙනාම මෙයින් ආවරණය වෙනවා.
ජනතාවට සහන දුන්නේ 2001 සහ 2015 ආණ්ඩුයි. අද පෝලිම් නෑ. මිනිස්සු මැරිලා පාරේ වැටෙන්නේ නැහැ. කිසිම නායකයකුට විකල්ප පිළිතුරක්, වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතුයි කියලා. ඔහුට මඩ ගසමින්, විවේචනය කරමින් කරන දේවල්වල විපාක විඳින්න වෙන්නේ යම් කිසි දවසක අහිංසක ජනතාවටයි. කාට හරි පුළුවන්නම් අවුරුද්දක් බලය දීලා බලන්න. මේ රට සෝමාලියාව වෙලා නවතින්නේ. අත්දැකීම් සහ පරිණතභාවය තුළ ජනාධිපතිවරයා නිවැරදි පරිදි රට ඉදිරියට අරගෙන යනවා. අපේ රට විතරක් නෙමෙයි. වෙනත් රටවල් ද මෙවැනි ආර්ථික පරිහානියට ලක් වුණා. ඉන්දියාවත් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නා. නමුත් ඉන්දියාවේ නායකයන් ඉතාම බුද්ධිමත්ව කටයුතු කර අද වන විට ඉන්දියාව හොඳ තැනකට ගෙනත් තිබෙනවා.
DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන් ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පැවසීය.
නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දසවසරක වැඩ සටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරන බව අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Page 48 of 553