Monday, May 04, 2026
Follow Us
කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශවල වැය ශිර්ෂ පාර්ලිමේන්තු විවාදය අද

අද (09) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඒ් අනුව කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශවල වැය ශිර්ෂ අද විවාදය ගනු ලැබේ. 

අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.