එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.
2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්යාය පත්රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
අද ප.ව 4.58ට පමණ පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 45 කින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
මේ අතර, අද පාර්ලිමේන්තුවේදී මුදල් පනත් කෙටුම්පත ද දෙවනවර කියවා, තෙවනවර කියවීම සංශෝධන රහිතව සම්මත විය.
ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව සඳහාද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය