Wednesday, April 22, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පසුගිය දින කිහිපයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විවේචනයට ලක් කළ අතර, එවැනි පසුබිමක; පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සුළු පක්ෂ 12 ක නායකයන්, මීට සුළු මොහොතකට පෙර, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්ව තිබේ.

Political

රන්ජන් රාමනායකට ජනවාරි 12 වැනිදා ලබාදුන් නඩු තීන්දුවට අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වී ඇති හැටියට සලකා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ ‘රිට් පෙත්සම’ අභියාචනාධිකරණය හමුවේ අද (11 වැනිදා) සලකා බැලීමට නියමිතය.

Political

සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

Leader of the Sri Lanka Muslim Congress - Rauff Hakeem today (11) urged State Minister of Primary Health Care, Epidemics and COVID Disease Control - Sudarshini Fernandopulle not to 'insult the Prime Minister'.

Political

It is reported that Wildlife minister - C.B. Ratnayake has got the Covid-19 jab today (10) at the Army Hospital.

Political

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍යය අංශ ප්‍රධානි තිලක් තේනුවර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බව පැවසූ බව වාර්තා කර සිටී. සති අන්ත ලංකාදීප පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා විසින් මෙසේ ප්‍රකාශ කළ බව සාගර කාරියවසම් මහතා අවධාරණය කළ බව එම මාධ්‍යය නිවේදනය වැඩිදුරටත් පවසා සිටී.

Political

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගෙන් පරාජයෙන් පසු ඔහු නැවත දේශපාලනයට රැගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල කර්තව්‍යයක් කළ බවයි.

Political

බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව සති තුනක් තුළ ලබාදෙන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට පොරොන්දු වුවත් ඒ මහතා එය පැහැර හැර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට සිහිපත් කළේය.

Political

සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබුනේ රටේ ගමවල් 42,000 ක් පමණ ඇති බවත් “ගම සමග පිළිසඳරක්” වැඩ සටහන යටතේ ඒ සියල්ලටම යෑමට අවුරුදු 35 ක්වත් යන බවත්ය. ඒ අනුව “ගම සමග පිළිසඳරක්” වැඩ සටහන යනු මොන විහිළුවක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

Political

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටින නිසා ආණ්ඩු පක්ෂයේ අය ලකුණු දා ගැනීමට කටයුතු කරන බවත් වෙනදාට පාර්ලිමේන්තුවට නොඑන අයත් අද පැමිණ තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (11) දින පාර්ළිමේන්තුවේදී කළ සඳහනට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් සඳහන් කර සිටියේ ජනපතිවරයා පාර්ලිමේන්තුවේ සිටින නිසා හැමෝම ලකුණු දාගන්න කතා කරන බවයි.

Political

ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුවේ වැරදී තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ආණ්ඩුව තුළම එය විසදා ගැනීමටයි පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ.

Political

පසුගිය 06 වන දින පැවති කඹුරුපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ;

Political

යළිත් මේ රටේ නිකමට හරි ද්‍රවිඩ ත්‍රස්තවාදයත් ඇති උවහොත් අත්අඩංගුවට ගත යුත්තේ තමුන්නාන්සේලාව බවත් දෙමළ දරුවන්ගේ මොල හෝදලා කරන වැඩ කටයුතු වලට වගකිව යුත්තේ තමුන්නාන්සේලා බවත් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර විසින් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.

Political

2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු "මහින්ද සුළඟ" දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.

Political

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (09) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Political

පොදුජන එක්සත් පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් විසින් ඇතිකරගත් සංවිධානයක් මගින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා කටයුතු කරගෙන යාමට නියමිත බව පැවසේ.

Political

The Committee on Parliamentary Business yesterday decided sittings will be held this week but with random testing of staff and parliamentarians for possible COVID-19 infections.

Political

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර ඇත.