ඊයේ පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල හමුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.
Former Minister and MP Mangala Samaraweera yesterday warned that the Military action in Myanmar was a red light for Sri Lanka.
“සොරි කවුද දිනුම්” යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගිනිගත්හේන සමුපකාර ශාලාවේ ඊයේ (31) දින සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ; ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවත්, එවන් සමාගමකට අපේ රටේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබා දීමට රජය කටයුතු කරමින් සිටීම සැක කටයුතු බවත්ය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට නියම කර ඇති වසරක හතරක සිර දඬුවම පිළිබඳ යළි සලකා බලන ලෙස ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
United National Party (UNP) Leader and former Prime Minister Ranil Wickremesinghe yesterday called for a South Asian centre for virus research and disease control to be established in Sri Lanka, pointing out that Sri Lanka and the region needs to be better prepared to face any future health crisis.
පසුගිය මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය බවට රටේ ජනතාව පත් කළ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත් කිරීමට තීරණය කර තිබේ.
රන්ජන් රාමනායක මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳව පවත්නා නීතිමය තත්ත්වය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා නීතිපති දප්පුල ද ලිවේරා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් කැඳවා නීති උපදෙස් ලබා ගෙන තිබෙන අතර මෙම උපදෙස්වලට අමතරව ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් වන තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගෙන්ද කතානායකවරයා මේ ගැන නීති උපදෙස් ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් එකගතාවයකට පැමිණ තිබෙනවා. ඒ, පවතින ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ පැවති සාකච්ඡාවකදීයි. සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හකුළුවමින් තමන්ගේ බළය වැඩිකර ගැනීම කෙරෙහිත් රාජ්‍ය දේපළ විකුණාගනිමින් තමන්ගේ ධනය වැඩිකරගැනීම කෙරෙහිත් පමණක් අවධානය යොමු කරමින් සිටින බවයි.
2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළීම සඳහා සිදුවුණු ආකාරයේම කුමන්ත්‍රණයක් මේ වනවිට නැවතත් සිදුවෙමින් පවතින බවත් ආණ්ඩුවේම පිරිසක් ද මේ කුමන්ත්‍රණයට එකතු වී සිටින බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ වන විට සමාජ ජාලා මාධ්‍ය හරහා විවේචන එල්ල වෙමින් තිබෙන; තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියට ලබන පෙබරවාරි 1වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වෙනි ලේකම් ධූරය සඳහා පත්වීමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ, තමාගේ දියණියට ලබාදී තිබෙන තානාපති පත්වීම යහපාළන රජය සමයේ ඇයගේ සුදුසුකම් මත 2019 අප්‍රේල් 01 දින කැබිනට් අනුමැතියෙන් ලබා දුන් බවයි.
The previous government had talks with India and Japan with regard to developing the Eastern Terminal and to set up a company to manage the Eastern Terminal in which Sri Lanka Ports Authority was going to own a 51 percent stake, former Prime Minister Ranil Wickremesinghe said during the weekend.
අමාත්‍යය උදය ගම්මන්පිල මහතාගේ මාධ්‍යය ඒකකය විසින් අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති මාධ්‍යය සාකච්ඡාවෙන් පසුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදි උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනේ ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නොමැතිව තම භාන්ඩ ප්‍රති අපනයනය කිරීමට වෙනත් වරායක් නොමැති හෙයින් ඔවුන් ශ්‍රී ලංකාව අත හැර නොයන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස නිදහස් දින උත්සවයට සහභාගී විය යුතුද නැද්ද යන්න පිළිබඳ සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
While condemning the statement issued by the Indian High Commission over the East Container Terminal (ECT) of the Colombo Port, the Janatha Vimukthi Peramuna (JVP) said yesterday it was a huge blow to the sovereignty and independence of the country.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් වෙලඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ බඩුමිළ අඩු කිරීම දේශපාලන බොරුකායන්ගේ සටන් පාඨයක් බවත් භාණ්ඩ මිල අඩුවන්නේ නිෂ්පාදන අංශ විසින් සියලුම නිෂ්පාදනයන් ඉහල දැමීමෙන් හා ක්‍රමවත් ලෙස නිෂ්පාදන පිරිවැය අඩු කිරීමෙන් පමණක් බවයි.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමින්; වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බවත් ඔවුන් විසින් ඊළඟ ක‍්‍රිකට් පරම්පරාව හැදුවේ නැති බවටත් චෝදනා කරයි.
Page 312 of 551