Thursday, April 25, 2024
Follow Us
කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡුා කරන්න ශී‍්‍රලනිපය අද රැස්වේ

පාස්කු ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සොයා බැලීමට හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමක් පත් කළද එම කොමිසමේ කාර්යයභාරය පසුව වෙනස් වී ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා. අද පස්වරුවේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැුස්වීමේදී පාස්කු කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවයි පක්‍ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර එම වාර්තාවේ ඇතුළත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් කරුණු එම වාර්තාවේ අඩංගු වී නොමැති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

කෙසේවෙතත් එම වාර්තාවෙන් චෝදනාවට ලක්ව සිටින සියළු දෙනාට නීතිය එකසේ කි‍්‍රයාත්මක කරුනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සදහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් නෙත් නිවුස් වෙත කියාසිටියේ එම වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදීමෙන් පසු එය අධ්‍යයනය කර පසුව ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සිදුකරන බවයි.

(Neth)