මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර සිටියේ සහෝදර පක්ෂ සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර එකඟ වූ ගිවිසුම මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් අද වන විට පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර පක්ෂ අතර සංවාදයක් ඇත්තේ ම නැති තරම් බවත්ය.
මහා පරිමාණ වංචා දූෂණ, විශාල වශයෙන් ඉඩම් කොල්ල කෑම්, දැඩි පාරිසරික විනාශයන් මෙන්ම ඥාති හිතවතුන් ඉහළ තනතුරු සඳහා පත් කර ඇති බවත් චෝදනා කරන ඔහු මෙලෙස කටයුතු කළහොත් සහෝදර පක්ෂ වෙනම තැන්වල රැස්වීම දිගටම සිදුවිය හැකි බවත් එවිට ඉදිරියේදී තත්ත්වය තවදුරටත් නරක් වනු ඇතැයිද වැඩිදුරටත් පැවසීය.
(Lanka Leads)