Monday, August 25, 2025
Follow Us
හකීම්ගේ “සමා යෝජනාව” ප්‍රතික්ෂේප වෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හකීම් මහතා කළ යෝජනාව 20ට පක්ෂව දුන් එම මන්ත්‍රීවරුන් හතර දෙනා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව වාර්තාවේ.

ප්‍රසිද්ධියේ සමාව ගතහොත් විනය ක්‍රියාමාර්ග අවසන් කිරීමට පක්ෂය සූදානම් බව හකීම් මහතා මෙම මන්ත්‍රීවරුන්ට දන්වා තිබූ අතර කොවිඩ් වැලඳී මිය යන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීමට ඉඩ ලබා දෙන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව මත තමන් ඡන්දය දුන් බව මෙම මන්ත්‍රීවරුන් සිය නිදහසට කරුණු ලෙස පවසා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනා අතුරින් හතර දෙනකුම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවත් සමඟ ඡන්දය ප්‍රකාශ කරන ලදී.

(Lanka Leads)