SJB MP and Chief Opposition Whip Lakshman Kiriella told a press conference that his party will show a majority in Parliament next week.
ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරුන් සමග අවුරුදු 15ක් තිස්සේ පැවැත්වූ දේශපාලන සම්බන්ධය මෙතැනින් අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධ වන්නේ නම් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.
අද වුවත් තමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකළ හැකි නම් ලෝකයේ සියලුම රටවල් තමන්ට උදව් කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ.
ඊයේ (29) පස්වරුවේ කොළඹ, පාසල් පටුමගේ නිවසක පැවති ඉෆ්තාර් උත්සවයකදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා හමුවී තිබේ.
අග්‍රාමාත්‍ය ධුරයෙහි තවදුරටත් රැඳී සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
ජන අරගලයේ නිරත පිරිසගේ පැතුම් ඉටුකිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වන ගුණ සමරුවට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීයි. එම පක්‍ෂයේ ජාතික සේවක සංගමය විසින් සංවිධාන කළ එම මැයි දින රැළියේදී අදහස් පළ කළ පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් මෙරට ආර්ථික ගැටළුවට විසදුම් සෙවිය නොහැකි බවයි.
ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයක් මගින් පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේබව කියා සිටියා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පක්ෂ එකොළහේ එකමුතුව පවසනවා. එහි සාමාජික කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ඊට අදාළ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
අන්තර්කාලීන ආණ්ඩුවක් සැකසීම සදහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා පත් කෙරුණු ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කමිටුව හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාක් අද පැවැත්වෙනවා.
පවතින අර්බුදයට විසඳුමක් ලෙස අන්තර් කාලීන පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී සාධනීය ප්‍රවේශයකට පැමිණීමට හැකිවූ බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Page 172 of 554