සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා.
ඒ සඳහා සාකච්ඡා කිරීමට සහභාගී වන ලෙසයි එම පක්ෂ නායකයින් වෙත ලිපි නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා සිටින්නේ වර්තමානයේ රටේ උද්ගත වී ඇති ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුදයන් හේතුවෙන් ජනතාව පීඩාවන්ට පත්ව සිටිනව. ඒ, සමස්ථ දේශපාලනඥයින්ට ද චෝදනා කරමින් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
පවතින අර්බුද සඳහා විසඳුම් ලබාදිය හැක්කේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට පමණක් බැවින් ඒ සඳහා සාකච්ඡා කිරීමට එක්වන ලෙයසි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම පක්ෂ දෙකෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ආරාධනා ලැබිය යුතු සුදුසුම පුද්ගලයා වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
(Neth)