Monday, July 07, 2025
Follow Us
මෛත්‍රි ගැන අලුත් ආරංචියක්

මෛත්‍රීගේ ගෙවල් ගැන පේෂල ජයරත්න පැවසු දේ


වත්මන් ආණ්ඩුවට එරෙහිව ජන අරගල පැවතිය ද ඔවුන් ඉවත් නොවන බැවින්, ආණ්ඩුව ගෙදර යැවීමට කළ යුතු එකම ක්‍රමය වන්නේ ඔවුන්ගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කිරීම බව මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේය.

ඊයේ (06) කොළඹ දී පැවති ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබුණි.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තමන් යෝජනා 07ක් ඉදිරිපත් කළ ද මේ වනතෙක් මාධ්‍යයෙන් ඊට ප්‍රචාරයක් විශාල වශයෙන් ලැබුණ ද රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ.

මෙම අවස්ථාවට හිටපු මහ ඇමති පේෂල ජයරත්න ද එක්වුණා.

මේ රට හැදිය හැකි එකම තැනැත්තා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වන බව එතුමා පැවසුවේය.

ඇයට විදේශ සබඳතා ඕනෑ තරම් ඇති බවත්, ඇය හට 06 මසකින් මේ රට ගොඩගත හැකි බවත් හෙතෙම සඳහන් කර තිබේ..

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හට පොළොන්නරුවෙ ගෙවල් තුනක් මෙන් ම කොළඹ ද ගෙවල් ඇති බවත් , මේ සියල්ල ජන මුදල් කෝටි ගණනින් වියදම් කර තැනූ ඒවා බවත් පේෂල ජයරත්න කියා සිටියහ.

(Aruna)