ධම්මික පෙරේරා මහතා හෙට (22) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
The Gotabaya Rajapaksa – Ranil Wickremesinghe regime must stop forthwith further aggravating the misery of millions of families in Sri Lanka and step down immediately making way for Parliament to elect a new President, a Prime Minister and a cabinet under an all-party interim government, Chief Opposition Whip and senior vice president of the SJB Lakshman Kiriella said yesterday.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් නෙරපා හැරීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා. අමාත්‍යවරයා ගොනුකළ පෙත්සම අද යළිත් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද තීන්දු කළා.
පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් 20 පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූ මෙම රැස්වීමේදී අතිශය උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වේ.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
පවතින ආණ්ඩුව වෙනස් නොකර රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
වත්මන් දේශපාලන අර්බුදයට ඇති සාර්ථකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව පක්ෂ 10 කණ්ඩායමේ ප්‍රධානියෙකු වන වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, පක්ෂ 10 කණ්ඩායම, ශ්‍රීලනිප පාර්ශ්වය, ජවිපෙ, දෙමළ සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වියයුතු බවද ඒ මහතා පවසනවා.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
රට තවදුරටත් අගාධයට නොදමා වගකීම් තමන්ට භාරදී ආණ්ඩුව ඉවත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නීතිඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවා තිබිණි. දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවිණි.
President Gotabaya Rajapaksa is to meet with SLPP MPs today amidst reports of disagreements between him and Prime Minister Ranil Wickremesinghe.
Page 149 of 552