Friday, January 02, 2026
Follow Us
නාමල් ආණ්ඩුව පෙරලන්න ගේම් ගහයි

යළි පොහොට්ටුවේ ආණ්ඩුවක් ගේන බව බැසිල් කියයි


වත්මන් ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂ දහයකින් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර දැඩි විරෝධය පළ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය ලබා දෙන දේශපාලන පක්ෂ දහයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ හිටපු ඇමැති වාසුදේව නානායක්කාරගේ මාර්ගයෙනි. එම පක්ෂ දහයේ පැවැති සාකච්ඡාවකදී හිටපු ඇමැතිවරයා මෙම ඉල්ලීම යොමු කළ අතර ඊට දැඩි විරෝධය මතු වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

‘‘මේ අර්බුදයට එයාලත් වග කියන්න ඕනි.’’ පක්ෂ දහයේ මන්ත්‍රීවරුන්ගේ අදහස විය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් පොදුජන පෙරමුණු ආණ්ඩුවක් බිහි කරන බවයි. හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් විය හැකි වන පරිදි පක්ෂය බිම් මට්ටමින් ශක්තිමක් කරන බවයි.

Aruna