Friday, January 02, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බොහොම ඉක්මනින්ම එයි – මෛත්‍රී

රටේ පවතින තත්වය හමුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම ඉක්මනින්ම සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“දැනට රටේ ඇතිවෙලා තියෙන ජනතා උද්ඝෝෂණය, උණුසුම අනුව ගෞරවනීය මහා සංඝරත්නයේත් ආශිර්වාදය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට යෑම බොහොම ඉක්මන් වේවි. මොකද, එහෙම නැත්නම් ජනතාව පාරට බැහැලා රට ඉතාම නරක තැනකට පත්වේවි”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (02) මහනුවර, ගුරුදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LNW