යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ කිසිඳු පුද්ගලයෙකු හෝ පවුලක් ආරක්ෂා කිරීමට නොවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසනවා. 03 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සිය එකම අරමුණ රට ආරක්ෂා කිරීම පමණක් බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල වැඩිවීමක් සිදුවන බවයි.
කෙසේවෙතත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම හෘද සාක්ෂිය අනුව විරුද්ධ විය නොහැකි බවයි.
Neth