ජනපතිට බැරි නම් අපිට දෙන්න
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය කාර්යභාරය කිරීමට නොහැකි නම් එය තමා ඇතුළු තම පක්ෂය කිරීමට සුදානම් බවත් රුසියාවේ ආණ්ඩු පක්ෂය සමග සාකච්ඡා කර මෙරටට අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර පැවසිය. ආණ්ඩුව මෙම කාර්යභාරය නොකරන්නේ නොහැ කියාව නිසා නොව ඇමරිකාවට ඇති බිය නිසා බව ද සභාපතිවරයා සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල එම පක්ෂ කාර්යාලයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
අද වනවිට ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ඇමරිකන් තානාපතිනි ජුලි චුන්ග් බවත් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇයගෙන් මෙතෙක් අවසර ලැබී නොමැති බවත් හෙතම කියයි.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය සුජාත භාවයක් තිබුණ ද දේශපාලන සුජාතභාවයක් නොමැති බව පැවසු සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුවේ පමණක් ගෝඨාභය රාජපක්ෂ ජනපති වී සිටින බව ද පැවසිය.
Aruna