Friday, March 27, 2026
Follow Us
Political

එල්ලෙන්න වැල් නැති වෙලාවක ඇමතිවරු පත් කර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පෙර ඇමතිවරු තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Political

නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Political

ජනතාවට ජීවත් වීම සඳහා අවම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි පසුබිමක් තුළ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී එල් පීරිස් පවසනවා. එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් හිමිවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

Political

නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

Political

ආර්ථික අර්බුදය විසඳීමට නම් මෙරට පාලනය වෙනස් කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා. එහි විධායක කමිටු සාමාජික කේ ඩී ලාල් කාන්ත පැවසුවේ ඒ සඳහා පාලකයින් වෙනස් කිරීම ඵලක් නොවන බවයි.

Political

අරගලකරුවන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අනුගමනය කළේ නම් වත්මන් අද රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වය උදා නොවීමට ඉඩ තිබූ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

Political

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණේ රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් බව සත්‍ය වුවත් හිටපු ජනාධිපතිවරයාත් හිටපු අගමැතිවරයාත් ගෙදර යැව්වෙ මේ රටේ පුරවැසි අරගලය විසින් බව වත්මන් ජනාධිපතිවරයාට අමතක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නම් අද තත්වයන් වෙනස් වන්නට ඉඩ තිබුණු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එහි නායකයින් කටයුතු කරමින් සිටියත් තමන්ව ජනතාව අතරින් ඉවත් කිරීමට ඔවුන්ට කිසිසේත්ම නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

Political

2022 අ.පො.ස. උසස් පෙළ විභාගය කල්දමන ලෙස උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ඉල්ලා සිටී.

Political

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ සමගි ජන බලවේගයේ බලමණ්ඩල රැස්වීම (10) පැවැත්විණි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර සමගි ජන බලවේගය බලවේගයේ නායකයින් රැසක් ද ඊට එක්ව සිටියහ.

Political

රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා නම් නාමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Political

පසුගිය වසර දෙකක කාලය තුළ රාජපක්ෂවරුන්ට කිසිදු හොරකමක් පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 69 ලක්ෂයක ජනවරමක් ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ නමැති බිල්ලා පෙන්වා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට හිමි රුපියල් ලක්ෂ 02 ක වෛද්‍ය රක්ෂණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුව ගෘහ්‍ය කාරක සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි අනාවරණය වන්නේ.

Political

පසුගිය වසර දෙකක කාලය තුළ රාජපක්ෂවරුන්ට කිසිදු හොරකමක් පිළිබඳ කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

Political

මේ වනවිට සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 30 ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. අලුතින් කැබිනට් තනතුරු හිමිවන බහුතරයක් පොදුජන පෙරමුණේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

Political

ආයේ මේ කපේදී රාජපක්ෂලා පාර්ලිමේන්තු එන්නේ නෑ