පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසූවේ එලෙස මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවයි
තමන් ඇතුලු මන්ත්‍රීවරුන් හයදෙනා ආණ්ඩුවට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සදහන් කළේ.
ආණ්ඩුවේ අමාත්‍යධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව එම පක්ෂය ඊයේ ප්‍රකාශ කළා. එම මන්ත්‍රීවරුන් හයදෙනා මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කිරීම ඊට හේතුව බවයි එම පක්ෂය සදහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දැරූ සියලුම තනතුරුවලින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ඉවත් කළ බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට වැඩිදුරටත් සදහන් කළේ.
Neth