රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් බදු පනතකට අනුමැතිය
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (20) සිය අත්සන සටහන් කර තිබේ.
ඒ අනුව 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ඊයේ සිට බලාත්මක වෙයි.
මෙම පනත් කෙටුම්පත පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී.
වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ.
මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රුපියල් බිලියන 140 කි.
Aruna